11 ශ්‍රේණිය
කාර්මික විප්ලවය
*රනිල් ජයසිංහ*
BA කැලණිය වි.වි
MA (ඉතිහාසය) කැලණිය වි.වි.
M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.
*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*
_*▫️කාර්මික විප්ලවය*_
*මිනිසා, එතෙක්' දෑතේ සවියෙන්, ගෘහස්තව සුළු පරිමාණයෙන් සිදුකළ භාණ්ඩ නිපදවීමේ ක්‍රියාවලිය නවීන යන්ත්‍රසූත්‍ර යොදාගෙන, විශාල කර්මාන්තශාලා තුළ, මහා පරිමාණයෙන් සිදුකරනු ලබන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් බවට පත් වීම* කාර්මික විප්ලවය නම් වේ.
*01. 18 වන ශත වර්ෂය වන විට බ්‍රිතාන්‍ය හැරුණු විට යටත් විජිත පිහිටුවාගෙන සිටි යුරෝපා රටවල් හතරක් ලියන්න.*
1. ප්‍රංශය
2. පෘතුගාලය
3. ස්පාඤ්ඤය
4. ඕලන්දය
*02. කාර්මික විප්ලවය ප්‍රථමයෙන්ම බ්‍රිතාන්‍ය තුළ ආරම්භ වීමට බලපෑ හේතු හතරක් ලියන්න.*
1. එංගලන්ත ජනගහනය සීඝ්‍රයෙන් වීම.
2. බ්‍රිතාන්‍යය යටත් විජිත තුළ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් නිර්මණය වී
තීබීම.
3. වෙළඳාම දියුණුවීම තුළින් නව ධනවතුන් පිරිසක් බිහි වී සිටීම
4. ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය.
5. පුනරුදය නිසා ලැබුණු විද්‍යාත්මක දැනුම කාර්මික විප්ලව සමයේදී නවීන යන්ත්‍රසූත්‍ර නිපදවීම සඳහා යොදාගැනීමට හැකිවීම..
6. එංගලන්තය ස්වභාවික සම්පත් බහුල රටක්වීම.
7. එංගලන්තයේ පැවති කාර්මික ව්ප්ලවයට හිතකර දේශපාලන තත්ත්වය.
8. එංගලන්තයේ පැවති කාර්මික ව්ප්ලවයට හිතකර සමාජ පසුබිම
9. කාර්මික විප්ලවයට ආසන්න සමය වනවිට එංගලන්තයේ අගනගරය වූ ලන්ඩන් යුරෝපයේ ප්‍රධාන වෙළ මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වීම.
10. එංගලන්තය කුඩා දිවයිනක් වීම.
*03. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍ය තුළ ආරම්භ වීමට බල පෑ බ්‍රිතාන්‍යයටම ආවේණික හේතු හතරක් ලියන්න.*
1. බ්‍රිතාන්‍ය කුඩා දිවයිනක් වශයෙන් පිහිටා තිබීම.
2. ලන්ඩන් නගරය යුරෝපයේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානය වශයෙන් පැවතීම.
3. කුඩා දිවයිනක් වීම නිසා එකිනෙකට සම්බන්ධ මාර්ග පද්ධතියක් ගොඩනඟා ගත හැකි වීම.
4. බ්‍රිතාන්‍ය ස්වභාවික සම්පත් බහුල රටක් වීම.
*04. බ්‍රිතාන්‍යයේ පැවති දේශපාලන ස්ථාවරත්වය නිසා කාර්මික විප්ලවය ආරම්භ වීමට හේතු වූ කරුණු තුනක් ලියන්න.*
1. ව්‍යාපාරික කටයුතුවල යෙදීමට නිදහස තිබීම.
2. නව පරිසර නීති පැනවීම.
3. ව්‍යාපාරික කටයුතුවල යෙදීමට උපකාර කිරීම. (බදු සහන)
*05. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය තුළ පැතිරී ගිය ප්‍රධාන කර්මාන්ත තුන ලියන්න.*
1. පේෂ කර්මාන්තය
2. යකඩ හා වානේ කර්මාන්තය
3. ගල් අඟුරු කර්මාන්තය
*06. නූල් සැකසීම වේගවත් කිරීම සඳහා කාර්මික විප්ලව සමයේ නිර්මාණය වූ නව නිපැයුම් හතරක් සහ ඒවායේ නිෂ්පාදකවරුන් ලියා දක්වන්න.*
1. ජෙනී යන්ත්‍රය - ජේම්ස් හාග්‍රීව්ස් 1764
2. ජල රාමුව - රිවඩ් ආක්රයිට් 1769
3. මියල් යන්ත්‍රය - සැමුවෙල් ක්‍රොම්ප්ටන් 1779
4. වාෂ්පබල මියුල් යන්ත්‍රය - එඩ්මන් කාර්ට්රයිට් 1785
( 1633 දි ජෝන් කේ නිපද වූ දවන නඩාව යනු රෙදි වීවීම වේගවත් කළ යන්ත්‍රයකි. එහෙත් අවශ්‍යතාවය පැන නැඟී තිබූයේ නූල් කැටීම වේගවත් කීරීමට ය.)
*07. කාර්මික විප්ලවයට පෙර යකඩ හා වානේ යොදාගනිමින් බ්‍රිතාන්‍යයන් විසින් තැනූ උපකරණ 3ක් ලියන්න.*
1. යුද උපකරන නිපදවීම.
2. කෘෂි උපකරණ නිපදවීම.
3. ගෘහ උපකරණ නිපදවීම.
*08. යකඩ හා වානේ කර්මාන්තය ආශ්‍රිතව කාර්මික විප්ලව සමයේ දී සිදු කෙරුණු නව සොයාගැනීම් මොනවාද?*
1. යපස් උණු කිරීම සඳහා ගල් අඟුරු යොදා ගැනීම. (වාත්තු ක්‍රමය ) - *එබ්‍රහම් ඩර්බි*
2. රෝලර් යන්ත්‍රය (තැලිය හැකි හෙවත් පදම් කළ යකඩ නිපදවීමට) - *හෙන්රි කෝට්*
3. යකඩ වල ඇති අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපද වීමේ ක්‍රමය - *හෙන්රි බෙසමර්*
4. විවෘත උඳුන් ක්‍රමය (ලාභදායී ලෙස උසස් තත්ත්වයේ වානේ නිපද වීම.)
5. යපස් උණු කිරීමේ විදුලි උදුන - *විලියම් සීමන්ස්*
*09. බ්‍රිතාන්‍ය තුළ ගල් අඟුරු ආකර බහුල ප්‍රදේශ තුනක් ලියන්න.*
1. දකුණු වේල්සය
2. යෝක්ෂයර්
3. ලැන්කැෂයර්
*10. යුරෝපය තුල ගල් අඟුරු ආකර බහුල රටවල් තුනක් ලියන්න.*
1. බ්‍රිතාන්‍ය
2. ජර්මනිය
3. ප්‍රංශය
*11. ගල් අඟුරු කැණීමේ දී මුහුණ දුන් ගැටලු මොනවාද?*
1. ආකර පතුලේ එකතුවන ජලය ඉවත් කිරීමේ ගැටළුව.
2. ආකර පොළොව පතුලට කැණීමේදී ආකර පතුලේ විෂ වායුන් වර්ග පිරී තිබීම.
3. ආකර පතුලේ උෂ්ණත්වය අධික වීම.
4. ආකාර තුළට ආලෝකය සපයා ගැනීමේ ගැටලුව.
5. ආකර තුළ කණිනු ලබන ගල් අඟුරු පිටතට ගෙන ඒමේ දුෂ්කරතාවය.
*12. ගල් අඟුරු කර්මාන්තය ආශ්‍රිතව සිදු වූ නව සොයාගැනීම් හා ඒවා සිදු කළ පුද්ගලයින් නම් කරන්න.*
1. වාෂ්ප එන්ජිම - *තෝමස් නිව්කොමන්*
2. විධිමත් වාෂ්ප එන්ජිම - *ජේම්ස් වොට්*
3. ආරක්ෂක ලාම්පුව - *හම්ප්‍රි ඩේව්*
4. යකඩ කම්බි මගින් ගල් අඟුරු පිටතට ගෙන ඒම.
*13. තෝමස් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිමෙන් සිදු වූ කාර්ය්‍යයන් දෙකක් ලියන්න.*
1. ආකරවල ජලය නල මගින් ඉවත් කිරීම.
2. වාතය කෘතිම ලෙස සිසිල් කිරීම.
*14. ගල් අඟුරු කර්මාන්තය ලැබූ දියුණුව නිසා ලැබූ අතුරු ප්‍රතිලාභ මොනවාද?*
1. ඖෂධ
2. සුවඳ විලවුන්
3. තෙල්
4. පොහොර
5. ගල් අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල්තාර මහා මාර්ග තැනීමට යොදා ගැනීම.
6. වූ ගල් අඟුරුවලින් රෙදිපිළි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිපදවිය හැකි වීම.
*15. කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය සිදු වූ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලියන්න.*
1. වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීම.
2. වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීම.
*16. ප්‍රධාන කර්මාන්ත තුනට අමතරව කාර්මික විප්ලවය නිසා ශීඝ්‍ර දියුණුවක් ඇතිකර ගත් අනිත් ක්ෂේත්‍ර තුන කුමක්ද?*
1. ප්‍රවාහන ක්ෂේත්‍රය
2. සන්නිවේදන ක්ෂේත්‍රය
3. කෘෂිකාර්මික ක්ෂේත්‍රය
*17. ගොඩබිම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුවට හේතු වූ නව සොයාගැනීම් තුනක් ලියන්න.*
1. මැකඩම් ක්‍රමය - *ජෝන් මැකඩම්*
2. දුම්රිය එන්ජිම - *ජෝර්ජ් ස්ටීවන්සන්*
3. මෝටර් රථය - *ජර්මනියේ ඩෙම්ලර්*
*18. නාවික හා ජල ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුවට හේතු වූ නව සොයාගැනීම් දෙකක් ලියන්න.*
1. දුන් බෝට්ටුව - රොබට් පූල්ටන්
2. දුම් නැව - හෙන්රි බෙල්
*19. දුම් නැව ට ඉන්ධන වශයෙන් යොදා ගන්නා ලද්දේ මොනවාද?*
• ප්‍රථමයෙන් දරත් ඉන් පසුව ගල් අඟුරු යොදා ගැනිනි.
*20. සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුවට හේතු වූ නව සොයාගැනීම් මොනවාද?*
1. පෙනී තැපැල් සේවය
2. විදුලි පණිවිඩ ක්‍රමය - *සැමුවෙල් මෝස්*
3. දුරකථනය - *ඇලෙක්සැන්ඩර් ග්‍රැහැන්බෙල්*
4. ගුවන් විදුලිය - *ගුග්ලි මාර්කෝනි*
5. රූපවාහිනිය - *ජෝන් ලොගී බෙයාර්ඩ්*
*21. කෘෂි කර්මාන්තයේ ව්‍යාප්තියට බලපෑ සාධක මොනවාද?*
1. මහා පරිමාණ ගොවිබිම් ආරම්භ කිරීම.
2. ශෂ්‍ය මාරු ක්‍රමය.
3. සත්ත්ව පාලනය සඳහා නව තාක්ෂණය යොදා ගැනීම. (අභිජනන ක්‍රම.....)
4. නව කෘෂිකාර්මික ක්‍රම හා උපකරණ භාවිතය.
*22. ශෂ්‍ය මාරු ක්‍රමය අනුගමනය කිරීම තුළින් ලැබුණු ප්‍රයෝජන දෙකක් ලියන්න.*
1. රෝග බෝවීම අවම කරගැනීමට හැකිවීම.
2. රෝග ව්‍යාප්තිය අවම කර ගැනීමට හැකි වීම.
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ *රනිල් ජයසිංහ* ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀
BA කැලණිය වි.වි
MA (ඉතිහාසය) කැලණිය වි.වි.
M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.
*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*
*23. පේලියට බීජ වැපිරීමේ ක්‍රමය තුළින් ලැබුණු ප්‍රයෝජන දෙකක් ලියන්න.*
1. වැපිරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය අවම කර ගැනීමට හැකිවීම.
2. වැඩි ඵලදාවක් ලබාගත හැකිවීම.
*24. කෘෂි කර්මාන්තයේ දියුණුවට හේතු වූ නව කෘෂි උපකරණ නිපදවීම තුළින් පහසුතාවයට පත් වූ කෘෂි කටයුතු මොනවාද?*
1. කැලෑ එළිපෙහෙළි කිරීම.
2. බිම සැකසීම.
3. බීජ වර්ග නිෂ්පාදනය කිරීම.
(වැනි කටයුතු වේගවත් වීම.)
*25. කෘෂි නිෂ්පාදන ලාබදායී වීමට බලපෑ හේතු තුනක් ලියන්න.*
1. නවීන ගබඩා පහසුකම් ඇති වීම.
2. නවීන ප්‍රවාහන පහසුකම් ඇති වීම.
3. සත්ව නිෂ්පාදනය අඩු වියදමක් යටතේ නිපදවිය හැකි වීම.
*26. ගුවානෝ පොහොර නිෂ්පාදනය කරනු ලැබූ රටවල් දෙක කුමක්ද?*
1. දකුණු අප්‍රිකාව
2. ඇමරිකාව
*27. 19 වන සියවසේ දී කාර්මික විප්ලවය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමට බල පෑ හේතූ 4 ක් ලියන්න.*
1. ලොව පුරා ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා භාණ්ඩවලට තිබූ ඉල්ලුම ඉහළ යාම.
2. යුරෝපය තුළ ගමනාගමන හා ප්‍රවාහන කටයුතු වලට ඇති වූ වර්ධනය.
3. ප්‍රංශය හා ජර්මනිය විසින් ගල් අඟුරු සොයා ගැනීම.
4. යුරෝපා ජාතීන් විසින් ලොව පුරා යටත්විජිත පිහිටුවීම.
*28. කාර්මික විප්ලවය පැතිරී ගිය අනෙක් යුරෝපා රටවල් මොනවාද?*
1. ජර්මනිය
2. ප්‍රංශය
3. බෙල්ජියම
4. ඔස්ට්‍රියාව
5. හංගේරියාව
6. ප්‍රෂියාව
*29. බ්‍රිතාන්‍යය හැරුණු විට අමුද්‍රව්‍ය බහුලව පැවති වෙළදපල වලට සමීප ප්‍රදේශ ආශ්‍රිතව කාර්මික මධ්‍යස්ථාන බිහිකරගත් යුරෝපා රටවල් දෙකක් නම් කරන්න.*
1. ජර්මනිය
2. ප්‍රංශය
*30. මාර්ග පද්ධතියෙහි දියුණුවක් ඇතිකර ගත් යුරෝපා රටවල් දෙකක් ලියන්න.*
1. ඔස්ට්‍රියාව ( සැතපුම් 30,000)
2. බෙල්ජියම (තිබූ ප්‍රමාණය මෙන් දෙගුණයකින්)
*31. කාර්මික විප්ලවයේ බලපෑම නිසා සීඝ්‍ර වර්ධනයක් ඇති කර ගත් ආසියාතික රටක් වූ ජපානය විසින් අති විශාල ප්‍රගතියක් අත්කරගත් ක්ෂේත්‍ර දෙක කුමක්ද?*
1. විද්‍යාත්මක ක්ෂේත්‍රය
2. තාක්ෂණික ක්ෂේත්‍රය
*32. කාර්මික විප්ලවය ව්‍යාප්ත වූ ආසියාතික රටවල් මොනවාද?*
1. චීනය
2. ඉන්දියාව
3. ලංකාව
4. ජපානය
*33. කාර්මික විප්ලවය හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදු වූ වෙනස්කම් මොනවාද?*
1. උපරිම ලාභ ලැබීම අරමුණු කරගත් ධනපති පන්තියක් හා ශ්‍රමය විකුණා ජීවත් වන ධනපති පන්තියක් බිහි වීම.
2. ධනපතියෝ නිර්ධන පන්තියේ ශ්‍රමය අඩු මිලට ලබා ගෙන සිය ව්‍යාපාරික කටයුතුවල යොදවා විශාල ලාභ ඉපයීම.
3. කර්මාන්තශාලාවල සේවය කළ ජනතාවගේ ජීවන තත්වය ඉතාමත් පහත් මට්ටමක පැවතීම.
4. ධනපතියන් හා කම්කරුවන් අතර ගැටුම් ඇතිවීම.
5. වෘත්තීය සංගම් බිහි වීම.
6. සේවක වැඩවර්ජන ඇතිවීම.
7. ලිබරල්වාදය, සමාජවාදය වැනි දේශපාලන දර්ශන වල ව්‍යාප්තියක් සිදු වීම.
8. යුරෝපා රටවල් අතර යටත් විජිත ඇති කර ගැනීම සඳහා පැවති තරගය උග්‍රවීම.
*34. යුරෝපා රටවල් අතර පැවති යටත්විජිත තරඟය උග්‍ර වීමට බලපෑ ප්‍රධාන හේතු දෙකක් ලියන්න.*
1. අමුද්‍රව්‍ය ලබා ගැනීමේ අවශ්‍යතාව.
2. නිමි ද්‍රව්‍ය විකුණා ගැනීමේ අවශ්‍යතාව.
*35. කාර්මික විප්ලවය නිසා ආර්ථික ක්ෂේත්‍රයේ ඇති කළ වෙනස්කම් මොනවාද?*
1. කාර්මික නිෂ්පාදන පුළුල් වීම.
2. වෙළඳ හා වාණිජ කටයුතු ආර්ථික ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීම.
3. සුළු ගොවීන් ශ්‍රමිකයින් ලෙස නගරවලට සංක්‍රමණය වීම.
4. ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටීම වැටුපට සේවය කරන කම්කරුවන් පිරිසක් බිහිකිරීම.
5. සාම්ප්‍රදායික කෘෂි කටයුතු පසෙකට තල්ලු වී ආනයන අපනයන වෙළෙඳ ආර්ථිකය ඉදිරියට ඒම.
6. කෘෂි නිෂ්පාදන පවා කාර්මීකරණය වී ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් වෙළෙඳ පොළට සැපයීම.
7. යුරෝපා යටත් විජිත වල විදේශීය වෙළදාම දියුණු විය. (ආසියා, අප්‍රිකා, ඇමරිකා, ලතින් ඇමරිකා)
8. බද්ධ ව්‍යාපාර, සමාගම් බිහිවීම.
9. බහුජාතික සමාගම් බිහිවීම.
10. මුදල් හා බැංකු කටයුතු දියුණු වීම.
*36. කාර්මික විප්ලවය නිසා සමාජ ක්ෂේත්රයේ ඇති කළ වෙනස්කම් මොනවාද?*
1. විශාල වශයෙන් නගර බිහිවීම.
2. කාර්මික භාණ්ඩ අඩු මුදලට ලබාගත හැකිවීම.
3. විශාල වශයෙන් රැකියා අවස්ථා බිහි වීම.
4. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දියුණු වීම.
5. නගරය තුළ ඔරොත්තු නොදෙන තරමට ජනගහනය වර්ධනය වීම.
6. ජනගහන වර්ධනයට සරිලන ලෙස නගර බිහිවීම.
7. පන්ති සහිත සමාජයක් බිහිවීම.
8. කම්කරුවන් ගේ ජීවිත ඉතා දුක්ඛිත වීම.
9. කාන්තාවන්ගේ හා ළමුන්ගේ ජීවිත අනාරක්ෂිත වීම.
10. බීමත්කම ආදි දුරාචාර වර්ධනය වීම.
11. පරිසර දූෂණය.
*37. කාර්මික විප්ලව සමයේ බිහිවූ නව සමාජ කණ්ඩායමක් වූ ධනපති පන්තිය සමන්විත වූ ප්‍රධාන කොටස් දෙක කුමක්ද?*
1. ඉඩම් හිමි ධනවතුන්
2. මධ්‍යම පාන්තික ව්‍යාපාර ව්යාපාර හිමියන් :- කර්මාන්ත හිමියන්, බැංකුකරුවන්, ඉංජිනේරුවන්, නීතීඥයින්, කොන්තරාත්කරුවන්
*38. කම්කරුවන් සංගම් ලෙස සංවිධානය වීමට බලපෑ හේතු (කාර්මික විප්ලව සමයේ දී වෘත්තීය සංගම් බිහි වීමට බලපෑ හේතුව හේතු) මොනවාද?*
1. වැටුප් වැඩිකර වැඩිකර ගැනීමට.
2. වැඩ කරන පැය ගණන අඩු කර ගැනීමට.
3. සනීපාරක්ෂක පහසුකම් ඇතුළු වෙනත් සුබසාධන පහසුකම් ලබා ගැනීමට.
*39. කාර්මික විප්ලව ශ්‍රී ලංකාව කෙරෙහි බල පැවැත්වීමේ දී එම බලපෑම එල්ල වූ වතු වැවිලි බෝග වර්ග මොනවාද?*
1. තේ
2. කෝපි
3. රබර්
4. පොල්
*40. වතු වැවිලි වගාව ආශ්‍රිත කටයුතු කාර්මීකරණය සම්බන්ධ නිදසුන් තුනක් ලියන්න.*
1. ක්‍රි.ව. 1804 දී පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා කෝපි කොටන්න මෝලක් ඇරඹීම.
2. තේ වියළීම, වර්ග කිරීම හා අපනයනය වැනි කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම.
3. රබර් පිටරට යැවීම සඳහා සූදානම් කිරීමට යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම.
*41. කාර්මික විප්ලවයේ බලපෑම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් මොනවාද?*
1. වතුවල හා කර්මාන්ත ශාලාවල ශ්‍රමිකයන් ලෙස වැටුපට සේවය කළ පුද්ගලයින්ගේ කම්කරු පන්තියක් බිහි වීම.
2. වතු හිමියන් හා කර්මාන්තශාලා හිමියන් අතරින් උගත් ධනවත් මධ්‍යම පන්තියක් බිහි වීම.
3. ආනයන අපනයන වෙළදාම ආර්ථිකයේ පළමු තැන ගැනීම.
4. ධනවාදී ආර්ථික ක්‍රමය වර්ධනය වීම.
5. බැංකු ආරම්භ වීම.
6. වෙළඳ මධ්‍යස්ථාන හා වෙළෙඳ නගර බිහිවීම.
*42. බ්‍රිතාන්‍ය පාලනය කාලය තුළදී මෙරට තුළ බැංකුව ආරම්භ වීමට බලපෑ ප්‍රධාන අවශ්‍යතාවයන් දෙකක් ලියන්න.*
1. මුදල් පිටරටට යැවීමට
2. මුදල් මෙරටට ගෙන්වා ගැනීමට
*43. කාර්මික විප්ලවයේ බලපෑම නිසා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ඇති වූ වෙනස්කම් මොනවාද?*
1. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේ දී කොළඹ - මහනුවර මහා මාර්ගය ඉදිකිරීම.
2. මහා මාර්ග තැනීම සඳහා මැකඩම් ක්‍රමය යොදා ගැනීම.
3. ජල මාර්ග හරහා මෙතෙක් තිබූ ලී පාලම් වෙනුවට යකඩ පාලම් තැනීම ඇරඹීම.
4. හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා විසින් කොළඹ - මහනුවර දුම්රිය මාර්ගය ඉදිකිරීම.
*44. කාර්මික විප්ලවයේ බලපෑම නිසා මෙරට සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ඇති වූ වෙනස්කම් මොනවාද?*
1. කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල, යාපනය ආදී නගර සම්බන්ධ කරගනිමින් රාජකාරි තැපැල් සේවය ආරම්භ වීම. (1815)
2. ආසියාවේ ප්‍රථම අශ්ව කරත්ත තැපැල් සේවය මෙරට තුළ ආරම්භ වීම.
3. ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කිරීම. (1857)
4. ටෙලිග්‍රාප් හෙවත් විදුලි පණිවිඩ ක්‍රමය මෙරට තුළ ආරම්භ වීම. (1858)
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ *රනිල් ජයසිංහ* ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀
BA කැලණිය වි.වි
MA (ඉතිහාසය) කැලණිය වි.වි.
M-Phil (ඉතිහාසය) කැලණිය වි.වි.
*_ඔබේ ප්‍රථිපලය මගේ වගකීමයි._*
*╚═══❖•ೋ° °ೋ•❖═══╝*
No comments:
Post a Comment