ගුණාත්මක දත්ත විශ්ලේෂණය
• ගුණාත්මක දත්ත විශ්ලේෂණය යනු සංසිද්ධියක් පිළිබඳ අවබෝධය වැඩි කිරීම සඳහා පර්යේෂකයා විසින් සම්මුඛ පරීක්ෂණ පිටපත්, නිරීක්ෂණ සටහන්, හෝ වෙනත් පාඨමය නොවන ද්‍රව්‍ය මගින් රැස් කරගන්නා දත්ත ක්‍රමානුකූලව සැකසීමේ ක්‍රියාවලියයි.
නිර්වචන
■ Qualitative data analysis is the process of reducing large amounts of collected data to make sense of them (According to Lecompte and Schensul, 1999)
■ In other definition, according to (Lewins, Taylor, Gibbs) QDA is the range of processes and procedures whereby we move from the qualitative data that have been collected into some form for explanation, understanding or interpretation of the people and situations where are investigating.
ගුණාත්මක දත්ත විශ්ලේෂණය සඳහා ප්‍රධාන ප්‍රවේශ දෙකකි
1. අඩු කිරීමේ ප්‍රවේශය
(Deductive Approach)
අඩු කිරීමේ ප්‍රවේශයට පර්යේෂකයා විසින් කලින් තීරණය කරනලද ව්‍යුහයක් මත පදනම්ව ගුණාත්මක දත්ත විශ්ලේෂණය කිරීම ඇතුලත් වේ. දත්ත විශ්ලේෂණය සඳහා මාර්ගෝපදේශයක් ලෙස පර්යේෂකයෙකුට ප්‍රශ්න භාවිතා කළ හැක. මෙම ප්‍රවේශය ඉක්මන් සහ පහසු වන අතර පර්යේෂකයෙකුට නියැදි ජනගහනය ලැබෙන ප්‍රතිචාර පිළිබඳව සාධාරණ අදහසක් ඇති විට භාවිතා කළ හැක.
2. ප්‍රේරක ප්‍රවේශය
(Inductive Approach)
ප්‍රේරක ප්‍රවේශය ඊට ප්‍රතිවිරුද්ධව කලින් තීරණය කරනලද ව්‍යුහයක් හෝ සකස් කරන ලද මූලික රාමුවක් මත පදනම් නොවේ. එය ගුණාත්මක දත්ත විශ්ලේෂණයේදී කාලය ගතවන පරිපූර්ණ ප්‍රවේශයකි. පර්යේෂකයෙකුට පර්යේෂණ සංසිද්ධිය පිළිබඳ ඉතා සුළු හෝ අදහසක් නොමැති විට ප්‍රේරක ප්‍රවේශයක් බොහෝ විට භාවිත වේ.
ගුණාත්මක දත්ත විශ්ලේෂණය කිරීමේ පියවර
1. දත්ත එකතු කිරීම හා සැකසීම
එකතු කරගත් දත්ත සියල්ල ව්‍යුහගත නොවන බැවින් ඒවා පිටපත් කරගැනීම අත්‍යවශ්‍යය වේ. පළමුව දත්ත ක්‍රමවත්ව සැකසීම සඳහා ඒවා ආකෘතියකට අනුව පරිවර්තනය කරගත යුතුයි. ඒ සඳහා දන්ත පැතුරුම්පත්, පරිගණක ආශ්‍රිත ගුණාත්මක දත්ත විශ්ලේෂණ මෙවලම් භාවිතා කල හැකිය.
2. දත්ත ක්‍රමවත්ව සංවිධානය කිරීම
දත්ත සංවිධානය කිරීමේ දී පර්යේෂණ අරමුණු වලට අනුව සකසන ලද ප්‍රශ්න මත පදනම්ව දත්ත සංවිධානය කළ යුතුය. පර්යේෂණ අරමුණු සහ ප්‍රශ්න වගුවක සකසා ගැනීමෙන් දෘශ්‍යමය වශයෙන් එය පැහැදිලිව පෙනෙන නිසා එකතු කරගත් දත්ත ක්‍රමවත්ව සංවිධානය කිරීමට පහසු වේ.
3. දත්ත සඳහා කේත සැකසීම
එකතු කරන ලද තොරතුරු විශාල ප්‍රමාණයක් සම්පීඩනය කිරීමේ හොඳම ක්‍රමය කේතීකරණයයි. එනම් එකතු කරන ලද දත්ත වලට ගුණ සහ රටා වර්ග කිරීම සහ පැවරීමයි. අදාල පර්යේෂණ න්‍යායන්ට අනුව කේත පැවරීමෙන් පසු දැනුවත් තීරණ ගැනීමට උපකාර වන දත්ත පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට රටා ගොඩනැගීම ආරම්භ කළ හැකිය.
4. දත්ත වලංගු කරනය
දත්ත වලංගු කරණය සාර්ථක පර්යේෂණ සඳහා ගුණාත්මක දත්ත විශ්ලේෂණයේ තීරණාත්මක පියවරකි. දත්ත පර්යේෂණ සඳහා ඉතා වැදගත් වන බැවින් දත්ත දෝෂ සහිත නොවන බව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය පර්යේෂණ ක්‍රියාවලිය පුරාම අනුගමනය කළ යුතු පුනරාවර්තන පියවරකි.
5. නිගමනයන්ට එළඹීම
අවසාන වශයෙන් දත්ත නිගමනය කිරීම වැදගත්ය. දන්ත ක්‍රමානුකූලව වාර්තාවක් ලෙස ඉදිරිපත් කළ හැකිය. පර්යේෂණ අධ්‍යනයන් සිදු කිරීමට භාවිතා කළ ක්‍රමය, අධ්‍යයන සීමාවන් වාර්තාවේ සඳහන් කළ යුතුය. සොයා ගැනීම්වල නිගමන, යෝජනා සහ අනාගත පර්යේෂණ සඳහා අදාල ක්ෂේත්‍රයන්ද සඳහන් කළ යුතු ය.
ගුණාත්මක දත්ත විශ්ලේෂණය කිරීමේ පොදු ක්‍රම
1. අන්තර්ගත විශ්ලේෂණය
(Content Analysis)
අන්තර්ගත විශ්ලේෂණය වඩාත් පොදු සහ සරල ගුණාත්මක දත්ත විශ්ලේෂණ ක්‍රමය වේ. සරලම මට්ටමින් අන්තර්ගත විශ්ලේෂණ භාවිතා කරනුයේ අන්තර්ගත කොටසක (උදාහරණයක් ලෙස වචන, වාක්‍ය ඛණ්ඩ හෝ රූප) හෝ බහුවිධ අන්තර්ගත කොටස් හෝ සන්නිවේදන මූලාශ්‍ර හරහා රටා ඇගයීමට ය. උදාහරණයක් ලෙස පුවත්පත් ලිපි හෝ දේශපාලන කතා එකතුවක් දැක්විය හැකිය. අන්තර්ගත විශ්ලේෂණය විවිධ ආකාරවලින් භාවිතා කළ හැකි බැවින් ඉතා නිශ්චිත ප්‍රශ්නයක් (question) සහ ඉලක්කයක් (goal) සමග විශ්ලේෂණයට යාම වැදගත් වේ. අන්තර්ගත විශ්ලේෂණය සඳහා විශාල පාඨ (text) ප්‍රමාණයක් කේතවලට සමූහගත කිරීම් සහ සාරාංශ කිරීම සිදු කරයි. සමහර සංකල්ප වල හෝ විචල්‍ය වල සංඛ්‍යාත ගණනය කිරීම සඳහා දත්ත වගු ගත කිරීමට පවා ඉඩ ඇති නිසා, අන්තර්ගත විශ්ලේෂණය ගුණාත්මක ක්‍රමයක් තුළ කුඩා ප්‍රමාණාත්මක චින්තනයක් සපයයි. අන්තර්ගත විශ්ලේෂණයදී කියවීමට සහ නැවත කියවීමට බොහෝ කාලයක් ගතවීම ප්‍රධාන ගැටලුවක් වෙයි. අන්තර්ගත විශ්ලේෂණය ඉතා නිශ්චිත කාල රාමුවක් කෙරෙහි අවධානය යොමු කිරීමට නැඹුරු වන අතර එම කාල රාමුවට පෙර හෝ පසුව සිදු වූ දේ සැලකිල්ලට නොගනී.
2. ආඛ්‍යාන විශ්ලේෂණය
(Narrative Analysis)
ආඛ්‍යාන විශ්ලේෂණය යනු මිනිසුන් කතන්දර ලෙස පවසන දේට සවන් දීම සහ එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න විශ්ලේෂණය කිරීමයි. කතන්දර මගින් ලෝකය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට උපකාර කිරීමේ ක්‍රියාකාරී අරමුණක් ඉටු කරන බැවින්, මිනිසුන් ගනුදෙනු කරන ආකාරය, ඔවුන් ගේ කතා සහ ඔවුන් එය පවසන ආකාරය විශ්ලේෂණය කිරීමෙන් යථාර්ථය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිය. යමක් පවසන ආකාරයේ වැදගත්කම ගවේෂණය කිරීමට ආඛ්‍යාන විශ්ලේෂණය භාවිතා කළ හැකිය. නිදසුනක් වශයෙන් තම අපරාධ සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන සිරකරුවෙකුගේ කතා විලාශයෙන් ඔහුගේ ආඛ්‍යාන ලෝකය සහ අධිකරණ පද්ධතිය පිළිබඳව දැක්ම ගැන අවබෝධයක් ලබාගත හැකිය. තවද ව්‍යවසායකයින් තම වෘත්තිය ජීවිතය අරගල ගැන කතා කරන ආකාරය විශ්ලේෂණය කිරීම හෝ පිළිකා රෝගීන් බලාපොරොත්තු පිළිබඳ කතා පැවසීම අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ගේ මානසිකත්වය සහ ඉදිරි දර්ශනය පිළිබඳ ප්‍රබල අවබෝධයක් ලබාගත හැකිය. එනම් ආඛ්‍යාන විශ්ලේෂණය යනු මිනිසුන් පවසන කතා කෙරෙහි අවධානය යොමු කිරීමයි. එහිදී වඩාත් වැදගත් වන්නේ ඔවුන් එය පවසන ආකාරය. ආඛ්‍යාන ග්‍රහණය කර ගැනීම, කාලය ගත වන ක්‍රියාවලියක් හේතුවෙන් නියැදි ප්‍රමාණ සාමාන්‍යයෙන් තරමක් කුඩා වේ. තවද පර්යේෂකයාගේ පක්ෂග්‍රාහීත්වය මෙහි ප්‍රතිඵල කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය.
3. කතිකා විශ්ලේෂණය
(Discourse Analysis)
කතිකාව යනු ලිඛිත හෝ කථන භාෂාව, විවාදය සඳහා සරලව භාවිතාවන වචනයකි. එනම් කතිකා විශ්ලේෂණය යනු සමාජ සන්දර්භය තුළ භාෂා විශ්ලේෂණය කිරීමයි. එනම් සංස්කෘතිය සහ සමාජය අනුව සංවාදයක් හෝ කතාවක් සිදුවන භාෂාව විශ්ලේෂණය කිරීමයි. නිදසුනක් ලෙස මුරකරුවෙකු ප්‍රධාන විධායක නිලධාරියෙකු ට කතා කරන ආකාරය, දේශපාලඥයන් ත්‍රස්තවාදය ගැන කතා කරන ආකාරය විශ්ලේෂණය කිරීම දැක්විය හැකිය. මෙම සංවාද හෝ කතා සත්‍ය වශයෙන්ම අවබෝධ කර ගැනීම සඳහා සන්නිවේදනයට සම්බන්ධ වූවන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසය වැදගත් වේ. නිදසුනක් ලෙස මුරකරුවෙකුට, කම්කරුවන් අතර සමානාත්මතාව අවධාරණය කරන සමාගමක ප්‍රධාන විධායක නිලධාරියකු සමඟ වඩාත් සැහැල්ලුවෙන් කතා කළ හැකිය. එලෙසම පසුගිය කාලයේ රටේ ත්‍රස්තවාදී සිදුවීමක් සිදු වූයේ නම් දේශපාලනඥයා ත්‍රස්‌තවාදය ගැන වැඩිපුර කතා කරයි.
සංකල්ප කතා කරන ආකාරය කෙරෙහි සංස්කෘතිය, ඉතිහාසය හෝ බල ගතිකත්වය බලපාන ආකාරය කතිකා විශ්ලේෂණය මගින් හඳුනාගත හැකිය. අප එකිනෙකාට කතා කරන විලාසයට සමාජ බලපෑම් ඇති බැවින් දත්ත විශ්ලේෂණයේ දී රටා සහ තේමා නිර්ණය කිරීමේදී නිශ්චිත පර්යේෂණ ප්‍රශ්නයක් තිබීම වැදගත්වේ.
4. තේමා විශ්ලේෂණය
(Thematic Analysis)
තේමා විශ්ලේෂණය යනු දත්ත කට්ටලයක අර්ථ රටා දෙස බැලීමයි. උදාහරණ ලෙස සම්මුඛ පරීක්ෂණ කට්ටලයක් (set of interviews) හෝ ඉලක්කගත කණ්ඩායම් පිටපතක් ( focus group transcripts) දැක්විය හැකිය. තේමා විශ්ලේෂණයේ දී ලබාගත් දත්ත ඒවායේ සමානකම් අනුව කාණ්ඩ කරයි. මෙම තේමාවන් අන්තර්ගතය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට සහ අර්ථය ලබා ගැනීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස ජනප්‍රිය අවන්හලක් පිළිබඳව සමාලෝචන සියයක් විශ්ලේෂණය කර එම ස්ථානය ගැන අනුග්‍රාහකයන් සිතන්නේ කුමක්දැයි සොයා බැලීම දැක්විය හැකිය. මෙහිදී දත්ත සමාලෝචනයේදී “නැවුම් අමුද්‍රව්‍ය” , “මිත්‍රශීලී කාර්ය මණ්ඩලය” යන තේමා දත්ත තුළ නැවත නැවතත් වර්ධනය වන තේමා ලෙස හඳුනා ගත හැකිය. තේමා විශ්ලේෂණය යනු ගවේෂණාත්මක ක්‍රියාවලියකි. එනම් තේමා විශ්ලේෂණය මිනිසුන්ගේ අත්දැකීම්, දැක්ම සහ අදහස් ගැන සොයා බැලීම සදහා ඉතා ප්‍රයෝජනවත් වේ. පර්යේෂණ අරමුණු මිනිසුන්ගේ අත්දැකීම් හෝ යමක් පිළිබඳ දැක්ම අවබෝධ කරගැනීමට සඳහා සකසා ඇත්නම් තේමා විශ්ලේෂණය ඒ සඳහා වඩාත් යෝග්‍ය වේ.
5. පදනම් න්‍යාය
(Grounded Theory)
පදනම් න්‍යාය ප්‍රබල ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමයක් වේ. පරීක්ෂණ (tests) සහ සංශෝධන (revisions) මාලාවක් හරහා එකතු කරගත් දත්ත භාවිතා කර නව න්‍යායක් ගොඩ නැගීම මෙහිදී සිදුවේ. එනම් පවතින උපකල්පන හෝ න්‍යායන් මත පදනම්ව දත්ත විශ්ලේෂණය සිදු කිරීමට වඩා විවෘත මනසකින් විශ්ලේෂණයට ගොස් දත්ත වලට ම කතා කිරීමට ඉඩ දීමයි. උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාලයක උපාධිධාරී සිසුන් පස් දෙනෙකුට ගුණාත්මක විශ්ලේෂණය පිළිබඳ වීඩියෝව නැරඹීමට තමන් යමු කරන සාධක මොනවාදැයි හඳුනා ගැනීමට සම්මුඛ සාකච්ඡාවක් පැවැත් වීම දැක්විය හැකිය. සම්මුඛ පරීක්ෂණ දත්ත තුලින් සාමාන්‍ය උපකල්පනයක් (hypothesis) හෝ රටාවක් (pattern) මතුවිය හැකිය. මෙහිදී තවත් සාම්පලයක් ගෙන මෙම රටාව හෝ උපකල්පනය ඔවුන් සඳහාද සත්‍යවේදැයි සොයා බැලිය හැකිය. මෙම ක්‍රියාවලිය දිගටම කරගෙන යන විට න්‍යායක් වර්ධනය වේ. එනම් න්‍යාය වර්ධනය වන්නේ දත්ත වලින් මිස පූර්ව නිගමනයකින් නොවේ. නව මාතෘකාවක් පිළිබඳව පර්යේෂණය කරන විට හෝ ඒ පිළිබඳව පවතින පර්යේෂණ ඉතා අඩු අවස්ථාවලදී පදනම් න්‍යාය ඉතා වැදගත් වේ.
No comments:
Post a Comment