උපකාරක පන්ති

දිනකට වැඩිම සිසුන්, ගුරු භවතුන් සංඛ්‍යාවක් අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන අපේ වෙබ් අඩවිය තුලින් ඔබේ ප්‍රදේශයේ හොඳම උපකාරක පන්ති, ගුරුවරු සොයාගන්න අපි උදව් කරන්නම්. උපකාරක පන්ති පවත්වන ආයතන, කණ්ඩායම් පන්ති, නිවසට පැමිණ ඉගැන්වීම්, online පන්ති සියල්ල පිළිබඳව තොරතුරු අපි ඔබට ලබා දෙනවා.

Thursday, April 20, 2023

රසායනික ඉංජිනේරු විද්‍යාව

 රසායනික ඉංජිනේරු විද්‍යාව

රසායනික ඉංජිනේරු විද්‍යාව යනු රසායන ද්‍රව්‍ය, පදාර්ථ හා ශක්තිය නිෂ්පාදනයට, පරිවර්තනයට, පරිවහනයට, හා පරිභෝජනයට යොදාගන්නා භෞතීය විද්‍යාවන් වන භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව හා ජීවී විද්‍යාවන් වන ක්ෂුද්‍ර ජීවී විද්‍යාව, ජෛව රසායනික විද්‍යාව; ව්‍යාවහාරික ගණිතය හා ආර්ථික විද්‍යාව සමඟ යොදාගන්නා ඉංජිනේරු විද්‍යාවේ ශාඛාවකි. රසායනික ඉංජිනේරුවකු රසායන ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය හා ජීවී සෛල, ක්ෂුද්‍ර ජීවීන් හා ශක්තිය ප්‍රයෝජනවත් ආකාර හා නිෂ්පාදනයන්ට පරිවර්තනය කරන මහා පරිමාණ ක්‍රියාවලි නිර්මාණය කරයි.




රසායනික ඉං‍ජි‍නේරුවන් යන්ත්‍රෝපකරණ, සැලසුම්කරණය, නිපදවීම හා ක්‍රියා කරවීම සිදු කරයි.

 
රසායනික ඉංජිනේරු විද්‍යාව යනු ඉංජිනේරු විද්‍යාවෙහි උප කොටසක් වන අතර එය අමුද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය ප්‍රයෝජනවත් වටිනා ආකාර බවට හැරවීමේ ක්‍රියාවලියක් සඳහා වූ භෞතික විද්‍යාවල (උදාහරණ - රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව) හා ගණිතමය යෙදීම් සමඟ කටයුතු කරයි. ප්‍රයෝජනවත් ද්‍රව්‍ය නිපදවන අතරම රසායනික ඉංජිනේරු විද්‍යාව වටිනා නව ද්‍රව්‍ය හා තාක්ෂණික ක්‍රම දියුණු කරලීමට ද සැලකිල්ලක් දක්වයි. මෙය පර්යේෂණ හා දියුණු කිරීම්වල වැදගත් ආකාරයකි. මෙම ක්ෂේත්‍රයෙහි සේවයෙහි යෙදී සිටින පුද්ගලයා රසායනික ඉංජිනේරුවරයෙකු ලෙස හැඳින්වෙනු ලැබේ.
රසායනික ඉංජිනේරු විද්‍යාව මහා පරිමාණ නිෂ්පාදනය සඳහා රසායනික ක්‍රියාවලි නිෂ්පාදනය හා නඩත්තු කිරීම සමඟ ඉතා විශාල ලෙස සම්බන්ධ වේ. මෙම ක්ෂේත්‍රයෙහි වැඩකටයුතු කරන රසායනික ඉංජිනේරුවරුන් සේවයෙහි යොදවන්නේ ක්‍රියාවලි ඉංජිනේරුවරුන් යන නාමය යටතේය. කර්මාන්තකරණය භාජනය වූ ආර්ථිකයන් සඳහා මහා පරිමාණ ක්‍රියාවලි දියුණු කිරීම රසායනික ඉංජිනේරු විද්‍යාවේ කොටසක් වන අතර එය රසායනික විද්‍යාවේ කොටසක් නොවේ. එමෙන්ම කර්මාන්තීය ආර්ථිකය ධාවනය කිරීමට අත්‍යවශ්‍ය නූතන උසස් අමුද්‍රව්‍ය සැපයීම සඳහා ද වගකිව යුත්තේ රසායනික ඉංජිනේරුවරුන්ය.



සංකල්ප
රසායනික ඉංජිනේරු විද්‍යාව ප්‍රධාන මූලධර්ම ගණනාවක යෙදීම් හා සම්බන්ධ වේ. ප්‍රධාන සංකල්ප පහත දැක්වේ.

1.රසායනික ප්‍රතික්‍රියා ඉංජිනේරු විද්‍යාව
රසායනික ඉංජිනේරු විද්‍යාව ප්‍රශස්ත යන්ත්‍රෝපකරණවල ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය සඳහා යන්ත්‍රෝපකරණවල ක්‍රියාවලි හා තත්වයන් කළමනාකරණය කරයි. රසායනික ප්‍රතික්‍රියා ඉංජිනේරුවන් රසායනික තාප ගති විද්‍යාව වැනි පරීක්ෂණාගාර දත්ත හා භෞතික පරාමිති භාවිතයෙන් ගැටළු විසඳීමට හා ප්‍රතික්‍රියාකාරකවල ක්‍රියාකාරිත්වය පුරෝකතනය කිරීම සඳහා ප්‍රතික්‍රියාකාරක විශ්ලේෂණය හා නිර්මාණය කිරීමට ආකෘති ගොඩනගයි.

2.යන්ත්‍රෝපකරණ නිර්මාණය හා ගොඩනැගීම
නියමු යන්ත්‍රෝපකරණ, නව යන්ත්‍රෝපකරණ හෝ යන්ත්‍රෝපකරණ වල වෙනස්කිරීම් සඳහා සැලසුම් නිර්මාණය, විශේෂණය සහ ආර්ථිකමය විශ්ලේෂණය සඳහා රසායනික ඉංජිනේරු විද්‍යාවේ නිර්මාණයන් සම්බන්ධ වීම මෙලෙසිනි. නිර්මාණ ඉංජිනේරුවන් සේවා යෝජකයාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිරතුරුවම උපදේශකයෙකු ලෙස හා නිර්මාණය සඳහා කටයුතු කරයි. නිර්මාණය කරුණු බොහොමයක් මත සීමාවේ, අරමුදල්, රාජ්‍ය කොන්දේසි හා ආරක්ෂක ප්‍රමිතීන්. මෙකී නිරෝධනයන් (Constraints) යන්ත්‍රෝපකරණ ක්‍රියාවලිය, ද්‍රව්‍ය හා ආම්පන්න තීරණය කරයි. යන්ත්‍රෝපකරණ ගොඩනැගීම ආයෝජනයේ ප්‍රමාණය මත ව්‍යාපෘති ඉංජිනේරුවන් හා ව්‍යාපෘති කළමනාකරුවන් මගින් සම්බන්ධීකරණය කෙරේ. රසායනික ඉංජිනේරුවෙක් ව්‍යාපෘති ඉංජිනේරුවෙකුගේ කාර්යභාරය පූර්ණ කාලීනව හෝ අර්ධකාලීනව සිදුකිරීමට ඉඩ ඇති අතර ඒ සඳහා අතිරේක පුහුණුවක් හා කුසලතාද අවශ්‍ය වෙමින් හෝ ව්‍යාපෘති කණ්ඩායමට උපදේශකයෙකු ලෙසද ක්‍රියා කළ හැක. ව්‍යාපෘති ඉංජිනේරු රැකියා රසායනික ඉංජිනේරුවන් සඳහා පුළුල් සේවා යෝජකයන් වේ.

3.ක්‍රියාවලි නිර්මාණය හා විශ්ලේෂණය

ඒකක ක්‍රියාවක් (unit operation) යනු තනි රසායනික ඉංජිනේරු ක්‍රියාවලියක භෞතික පියවරකි. ඒකක ක්‍රියාවන් (ස්ඵටිකීකරණය, පෙරීම, වියළණය සහ වාෂ්පීකරණය වැනි) ප්‍රතිකාරක පිළියෙල කිරීමට, නිෂ්පාදන වෙන්කිරීමට හා පිරිසිදු කිරීමට,භාවිතයට නොගැනුණු ප්‍රතිකාරක ප්‍රතිචක්‍රීකරණයට, ප්‍රතික්‍රියාකාරකවල ශක්තිය හුවමාරුවීම පාලනයට භාවිත කෙරේ. තවත් අතකින් ඒකක ක්‍රියාවලියක් හා ඒකක ක්‍රියාවක් අතර රසායනික වශයෙන් සමානතාවයක් ඇත.

4.පරිවහන සංසිද්ධි (Transport phenomena)
පරිවහන සංසිද්ධි වල ආකෘතිකරණය හා විශ්ලේෂණය කාර්මික යෙදීම් සඳහා අත්‍යවශ්‍ය වේ. පරිවහන සංසිද්ධි තරල ගති විද්‍යාව, තාප හුවමාරුව හා ස්කන්ධ හුවමාරුව සමඟ සම්බන්ධ වන අතර ප්‍රධාන වශයෙන්ම පිළිවෙලින් ගම්‍යතා හුවමාරුව, ශක්ති හුවමාරුව හා රසායනික විශේෂයන්ගේ පරිවහන මගින් ප්‍රධාන වශයෙන්ම පාලනය වේ. ආකෘති මහේක්ෂීය, අන්වීක්ෂීය හා අණුක මට්ටමේ සංසිද්ධි හා සම්බන්ධ වේ. එමනිසා පරිවහන සංසිද්ධි වල ආකෘතිකරණය සඳහා ව්‍යාවහාරික ගණිතයේ අවබෝධය අවශ්‍ය වේ.

 යෙදීම් හා ක්‍රියාමාර්ග
රසායනික ඉංජිනේරුවන් ද්‍රව්‍ය හා ශක්තිය භාවිත කිරීමේ පිරිමැසුම්දායි ක්‍රියාමාර්ග වැඩි දියුණු කරයි. රසායනික ඉංජිනේරුවන් රසායන විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව භාවිතයෙන් මහා පරිමාණ කාර්මික ආශ්‍රයක; අමුද්‍රව්‍ය; ඖෂධ, බොරතෙල් රසායනයන් හා ප්ලාස්ටික් වැනි ප්‍රයෝජනයට ගත හැකි නිෂ්පාදන බවට පරිවර්තනය කරයි. ව්‍යාවහාරික හා පර්යේෂණ යන විෂයාංශ දෙකම පරිගණක පුළුල් ලෙස භාවිත කළ හැක. රසායනික ඉංජිනේරුවන් නිෂ්පාදනය, පරිසර දූෂණය පාලනය හා සම්පත් සංරක්ෂණය සඳහා යහපත් හා ආරක්ෂාකාරී ක්‍රමවේද ගොඩනැගීම සඳහා පර්යේෂණ සැලසුම්කිරීම හා ක්‍රියාත්මක කිරීම සිදු කරන අතර කර්මාන්ත හෝ විශ්ව විද්‍යාල මට්ටමේ සේවය කළ හැක. ඔවුන් ව්‍යාපෘති ඉංජිනේරුවන් ලෙස යන්ත්‍රෝපකරණ සැලසුම් කිරීමට හා ගොඩනැගීම සඳහා සම්බන්ධ වීමට හැක. රසායනික ඉංජිනේරුවන් ප්‍රශස්ත නිෂ්පාදන ක්‍රමවේද හා යන්ත්‍රෝපකරණ ආම්පන්න, වියදම් අඩුකිරීම හා ආරක්ෂාව, ලාභය උපරිම කිරීම සඳහා තෝරාගැනීම සඳහා තම දැනුම භාවිත කරමින් ව්‍යාපෘති ඉංජිනේරුවන් ලෙස කටයුතු කළ හැක. යන්ත්‍රෝපකරණය ගොඩනැගීමෙන් අනතුරුව රසායනික ඉංජිනේරු ව්‍යාපෘති කළමනාකරුවන් ආම්පන්න ඉහළ දැමීම්, ක්‍රියාවලි වෙනස්කිරීම්, දෝෂ සෙවීම් හා එදිනෙදා කාර්යයන් සඳහා පූර්ණ කාලීනව හෝ උපදේශකයෙකු ලෙස සහභාගී විය හැක.

 

 
 
E A I N එගොඩවත්ත 
රජයේ පාසලක නියෝජ්‍ය විදුහල්පති 
වසර 12ක ඉගැන්වීම් පලපුරුද්ද 
MSc (කර්මාන්ත රසායන විද්‍යා ව)
BSc (ජෛවීය විද්‍යාව)
PGDE
Dip. In IT
Dip. in Mgt

No comments:

Post a Comment

Important